ග්‍රාමීය මට්ටමින් සැඟවුණු බදු එකතු කරදීමට ග්‍රාම නිලධාරීන්ට බලතල පවරන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න රජයෙන් ඉල්ලයි.
එසේ අය කරගනු ලබන බදු ආදායමින් තමන්ට කිසියම් දීමනාවක් ලබාදී ආර්ථික දුෂ්කරතා මඟ හැර දෙන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියි.
සෘජු බදු අය කරගත හැකි එහෙත් කිසිදු ආයතනයකට වාර්තා නොවන විශාල ආදායම් ලබන පිරිස හඳුනන්නේ ග්‍රාම නිලධාරින් බවත් බිලියන 10කට වැඩි සෘජු බදු ප්‍රමාණයක් රජයට සොයා දීමට මෙමගින් හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
සිය වසමේ සිදුකරනු ලබන කර්මාන්ත, ව්‍යාපාර, කෘෂිකාර්මික නිෂ්පාදන, සේවා පිළිබඳ නිවැරැදි තොරතුරු ග්‍රාම නිලධාරියා සතුව ඇති බවත් බදු ලිපිගොනුවලට තොරතුරු ලබාදීමට ග්‍රාම නිලධාරීන් වෙත පැවැරීමට හැකි බවත් මේ ක්‍ෂේත්‍රයන් පිළිබඳ මෙතෙක් සැලකිල්ලක් දක්වා නැතැයි නෙවිල් විජේරත්න පැවසීය.