පාස්කු ප්‍රහාරය හිඟන්නාගේ තුවාලේ කරගෙන…! සත්‍ය හෙළි කරගන්න කිසිවෙකුට උවමනා නෑ…! – ඇමැති ටිරාන් අලස්…

January 21, 2024 at 9:54 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ලද පරීක්ෂණ මේ වන විට 90%ක් අවසන් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීම සඳහා කතෝලික සභාවට හා කාදිනල් මැල්කම් රංජිත් හිමිට නැවත වරක් ආරාධනා කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.

ඔහු සඳහන් කළේ, තමා අමාත්‍ය ධුරය භාරගත් අවස්ථාවේ සිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කළත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොමැති බවයි.

එහෙත් විවිධ අවස්ථාවලදී අගරදගුරුතුමා ඇතුළු පූජාප්‍රසාදින් වහන්සේලා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචන ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා පැවසී ය.

මෙතෙක් සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී පොලිසියේ අවධානයට ලක් නොවූ කරුණු තිබිය හැකි හෙයින් උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව ඊට අදාළ තොරතුරු තිබේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේ ය.

ඇමැති අලස් වැඩි දුරටත් සඳහන් කළේ, සැබවින් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම වන අතර බොහෝ දෙනෙකුට එවැනි වුවමනාවක් නොමැති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *