ආණ්ඩුව පාස්කු චූදිතයින් රකිනවා කියල මටත් හිතෙනවා..! – රාජ්‍ය ඇමැති…

February 6, 2022 at 7:19 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසං කළැයි කියන චෝදනාවට, එම ප්‍රහාරය වළක්වා ගැනිමට කටයුතු නොකළ පිරිස් අපේ රජයත් මේ අය ආරක්ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් යම් සැකයක් තිබේනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

අපේ කාදිනල් තුමන් කොන්ද පණ තිබේන නායකයෙක් මමත් කතෝලිකයෙක් හැටියට බොහෝම ආදරය කරන චරිතයක්.

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයකු ලෙස මමත් මේ ගැන දරන මතයක් තිබේනවා.

පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කලේ කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, ඒදා හිටපු පොලිස්පති‍ෙ අද ඉන්නේ හිර ගෙදර නම්, ඒදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුනේ නැත්නම්, ඔය කියන කාල සිමාව අස්සේ ආරක්ෂක කණ්ඩායම අස්සේ සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක්වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂීයත් කතා කරනවා.

ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්, අපේ නායකයන් දෙදෙනාත් හෘද සාක්ෂීයෙන් අහලා බලන්න වුවමනායි කියලා මම කියනවා.

ඒ නිසා අපි පරිස්සමට කටයුතු කළ යුතුයි.ජීවිත ගණනාවක් අපට අහිමි වුණා කතෝලක ජනතාව ඉතාමත් දුකින් ඉන්නේ මේ පිළිබදව තොරතුරු සොයා ගන්න.මේ සදහා සාධාරණයක් ඉෂ්ඨ කරන්න්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස