පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට සහභාගී වීමට පැමිණි ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ආපසු හැරී ගොස් තිබේ.
ඒ මහ ජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙනි.
ලෝක ආධාර මත ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙ දළුව නිර්මලපුර නාවක්කාඩු ඇතුළු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට පැමිණීමට නියමිතව සිටි රාජ්‍ය ඇමැතිවරයාට විරෝධය එල්ල වී තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධන වැඩවල දී බාධා නොකරන බවත් දේශපානඥයන් ඊට සහභාගීවීමට අවශ්‍ය නැති බවත් ජනතාව පවසා තිබේ.