ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇඟළුම් කම්හල් පිහිටුවමින් විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරද්දි පිරිසක් ඒවා පුළුස්සා විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එලෙස කටයුතු කළ පිරිස අද රටට විදේශ විනිමය ගෙන ඒමට සැලසුම් කරන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් බවට හෙතෙම චෝදනා කළේය.
බංකොලොත් රට ගොඩගන්නේ සමන්මලී කියන ආකාරයට ගණිකා වෘත්තිය නිත්‍යානුකූල කොට දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.
කිසිවෙකු වර්තමාන ආණ්ඩුවට විකල්පය වන්නට සූදානම් යැයි කියන්නේ නම් විපක්ෂයේ සිට වැඩකොට පෙන්විය යුතු යැයි සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.