පසුගිය දිනවල වේගයෙන් ඉහළ ගිය එළවළු මිල ගණන් මේ වන විට පහත වැටෙමින් ඇතැයි වාර්තා වෙයි. විශේෂයෙන් කිලෝව රු. 3000 දක්වා ඉහළ ගිය කැරට් මිල ආර්ථික මධ්‍යස්ථාන තුනේම අඩු වී තිබේ.
මේ වන විට කැරට් කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රු. 900-1400ත් අතර ද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ රු. 800-500ත් අතර ද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රු. 1780-1800ත් අතර ද සටහන් වී තිබේ.
බෝංචි, ගෝවා ඇතුළු සෙසු එළවළු මිල ගණන් ද මේ වන විට වේගයෙන් පහත වැටෙමින් තිබේ. එයට මූලික හේතුව පාරිභෝගිකයින් එළවළු මිල දී ගැනීම සීමා කිරීම යැයි සඳහන් වෙයි.