එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද (18) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහ සම්මේලනයේ සම ලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව රුපියල් 35,000කින් වැඩි කිරීමට විරෝධය පළ කරමින් මේ වන විට සෞඛ්‍ය සේවයේ සෙසු වෘත්තිකයින් ද මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.