ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව ජාතික ජන බලවේග පක්ෂ කාන්තා සංවිධානයේ සමන්මලි ගුණසේකර පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ බිරිඳ වන සමන්මලී ගුණසේකර පෙන්වා දෙන්නේ එය සිය පක්ෂ ව්‍යවස්ථාවේ ද සඳහන් කර ඇති බවයි.
මේ රටේ මුල් බැස පවතින සංස්කෘතිය සභ්‍යත්වය සමග ගණිකා වෘත්තීය නීතිගත කිරීම ගැටගැහෙන්නේ කෙසේ දැයි විමසූ විට ඇය සඳහන් කළේ පවතින සභ්‍යත්වය තුළ ගණිකා වෘත්තීය වැඩි වන බවයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.