ජවිපෙ එක්ක විමල්-වාසු-උදය සන්ධානයක්…!

January 14, 2024 at 9:44 am | by emanisa.lk

අයි.එම්.එෆ්. කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතාව විමුක්ති පෙරමුණ එකතු විය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.

රටේ ජනතාව දුකට පත්වී ඇති බවත් එසේ දුකට පත්වීමට හේතුව අයි.එම්.එෆ්. කොන්දේසි බවත් පැවසූ හෙතෙම එය පරාජය කරනවා හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකි යැයි ද සඳහන් කළේය.

අයිඑම්එෆ් වලට විරුද්ධ කඳවුරේ වැඩිම ජනතා ප්‍රසාදයක් ඇති පක්ෂය ජනතාව විමුක්ති පෙරමුණ බවත් එම නිසා ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂය මුල් විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විරුද්ධ නැතැයි ද වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *