මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ බොහෝ නිවාස වෙනත් පාර්ශ්ව වෙත ලබා දී ඇති බව හෙලි වී තිබේ.
මෙම නිවාස මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්, ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක ලබා දී ඇත.
මාදිවෙල මන්ත්‍රී නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි. මේ වන විට එහි නඩත්තු පිරිවැය දෙගුණ වී තිබේ.
එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම ගැටලු සහගතවී ඇතැයි ද සඳහන් කළේය.