වරාය චාරිකාව වීඩියෝ කළ එකාගේ වැඩ තහනම් කරනවා…! – රාජ්‍ය ඇමැති..

January 11, 2024 at 7:05 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කළ වරාය නිරීක්ෂණ චාරිකාව පටිගත කර මාධ්‍යයට ලබා දුන් පුද්ගලයාගේ වැඩ තහනම් කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර පවසයි.

රාජ්‍ය ඇමතිවරයා එහිදී අවධාරණය කළේ, තමා ඇතුළු කණ්ඩායම සහභාගී වූයේ වරායේ නිරීක්ෂණ චාරිකාවකට බවත් ඒ් සඳහා රන්ජිත් මද්දුමබණ්ඩාර සහ විජිත හේරත් යන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කළ බවයි.

මෙම වැඩසටහන සඳහා වැරදි ප්‍රචාරයක් ලබා දුන්නේ, පසුගිය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබූ පිරිස බවට ද ඔහු චෝදනා කළේය.

වෘත්තීය සමිති පිම්බීම සඳහා මෙවැනි කටයුතු සිදුකරන්නේ රතු අයියලා බවත්, “කුහකයෝ කන්නෙ බොන්නේ නැති වුණාට අපි කන බොන මිනිස්සු” යැයි ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *