රනිල් ජනපති සටනට….!

January 9, 2024 at 10:28 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කරයි.

ලබන සැප්තැම්බර් මස ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමට ද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව අද (10) රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *