සජිත්-ජලනි මාපිය පදවියට…!

January 9, 2024 at 6:09 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිය පදවිය ලබා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ නායකයින් දරුවන් ඉඹ ඉඹ ගිය ද ඔවුන්ට නොසැලකූ බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස රටේ දරුවන්ට පියෙක් විය හැකි බව සනාථ කරමින් පිය පදවිය ලබා ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට සජිත් ප්‍රේමදාස හවස 4-5 වන විට රාජකාරිවලින් බැහැර වී දරු සුරතල් බලන බව ද චමින්ද විජේසිරි සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *