පසුගිය මාස 08ක කාලය තුළ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කොට එක බලවේගයක් ගොඩනැඟීමට උත්සාහ කළ බව නිදහස ජනතා සභාවේ සභාපති ඩලස් අලහප්පෙරුම පවසයි.
කනගාටුදායක ලෙස එම උත්සාහ අසාර්ථක වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වුව ද එම උත්සාහය අතහැර නොමැති බව ද හෙතෙම කීය.
මැතිවරණයක් ළං වන විට විවිධ පක්ෂවලට පැන ජයග්‍රහණය කිරීමේ උත්සාහයන් බෙහෙවින් ඇතැයි ද ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.