ලංකාව ඉන්දියාවට යා කරන සැලසුමක්…!

January 8, 2024 at 5:35 am | by emanisa.lk

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරමේ සිට ඉන්දියාව දක්වා මෙම ගොඩබිම් සබඳතාව ඇති කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ  බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටක් ලෙස කලාපීය සහයෝගීතාව වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *