ඉදිරි සති හය ඇතුළත අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳපොළට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට ගොවීන් කරන චෝදනා සැලකිල්ලට ඉදිරියේ දී එළවළු බීජ වෙනුවට එළවළු පැළ සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් සඳහන් කරයි.
මේ වන විට වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළ අතර එළවළු මිල ඉහල යාමට හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගා විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.