අරගල අවස්ථාවේ දී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුව ද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන කීය.
අරගල අවස්ථාවේ දී ජාත්‍යන්තරය පොහොට්ටුවෙන් කළ ඉල්ලීම හොඳින්ම දන්නා බවත් ඔවුන් එම ඉල්ලීමට එකඟ නොවූ බවත් වජිර අබේවර්ධන අනාවරණය කළේය.
පොහොට්ටුව නොකියා කියා ඇත්තේ ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අතර ආර්ථිකය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව යැයි එජාප සභාපතිවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මේ බව කීය.