ඩලස් අලහප්පෙරුම නායකත්වය දරන නිදහස ජනතා සභාවේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ද සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයට එකතු වී තිබේ.
අද උදෑසන (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා සජබයට එකතු වී අම්බලන්ගොඩ ප්‍රධාන ආසන සංවිධායක ධූරය ද භාරගත්තේය.
ඒ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට ශාන් විජයලාල් සමග මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ ඩිලාන් පෙරේරා ද එකතු වූහ.