රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ විදි දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බවය.
2024 නව වසරට අප පියනගන්නේ ශ්රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බව ද සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු වන අතර එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවන බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.