ශ්රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් ක‍්‍රිකට් ආයතන වෙත පැමිණිලි කර තිබේ.
ඒ සිංහල ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරග වාරයක් අතර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙනි.
එහිදී කුසල් මෙන්ඩිස් තමන් මුහුදුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා ම ජෙෆ්‍රී වැන්සසේ හමුවේ දැවී ගිය අතර ඉන් නොසතුටට පත් ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොරකට පහර දී දැඩි හානිකර තිබේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය විසින් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇත.
කෙසේ වුව ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව මෙතෙක් තහවුරු කර නොමැත.