පෙට්‍රල් ඩීසල් සහ ගෑස් සඳහා වැට් බදු එකතු වුව ද 7.5% පැල් බදු ඉවත් කරන බව ප්‍රකාශ කිරීම ජනතාව රැවටීමක් යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසයි.
පැල් බදු අය කරන්නේ එම භාණ්ඩ වරායෙන් නිදහස් කරන විට පවතින මිලට බවත් ඊට පසු එයට තවත් ගෙවීම් 17ක් එකතු වන බවත් පවසන හෙතෙම සඳහන් කළේ වැට් බදු අය කරන්නේ එම නව මිලට බවයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රු. 42කින් ද ඩීසල් ලීටරයක් රු. 45කින් ද ජනවාරි 01 වෙනිදා සිට ඉහළ යන බවයි, ආනන්ද පාලිත වැඩි දුරටත් ප්‍රකාශ කළේ.