යෝජිත 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
කෙසේ වෙතත් යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය මේ වසරේ දෙසැම්බර් 10 වැනිදා ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කර තිබුණේ අදාළ බදු සංශෝධනය සමග පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු මිල ද ඉහළ ද යනු ඇති බවයි.