ඉදිරි වසරේ දී වැට් බද්ද 0.03%කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය මගින් යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඒ සමග පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙම නව වැට් බද්ද සඳහා අන්තර්ගත වන බව ද ඔහු සඳහන් කළේය.
මෙම බදු මගින් රුපියල් බිලියන 600කට අධික මුදලක් අයකර ගැනීමට රජය සූදානම් වන බවත් ඒ අනුව එක් පුරවැසියෙකුට වැට් බද්ද ලෙස රු. 30 000ක් ගෙවීමට සිදුවන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ, ප්‍රවාහන හා මහා මාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට අද (29) එකතු වෙමිනි.