අලුත් ක්‍රීඩා ඇමතිත් පරණ ඇමැති පාරේ…! ක්‍රීඩා සංගම් 05ක් අත්හිටුවයි..!

December 27, 2023 at 2:47 pm | by emanisa.lk

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා සංගම් 02ක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ අමාත්‍යවරයාට හිමි වන බලතල අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය මෙලෙස අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *