2022 වසරේ ලාභ නොලැබූ රාජ්‍ය ආයතනවල සේවකයින් සඳහා 2023 වසරේ බෝනස් ලබා නොදෙන බව රජය නිවේදනය කරයි.
කිසියම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබා, එහි ශූද්ධ ලාභයෙන් 30%ක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇත්නම් එහි සේවය කරන සේවකයින් බෝනස් ලැබීමට සුදුසුකම් ලබන බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.
ඒ අනුව අදාළ කොන්දේසි සම්පූර්ණ නොකළ රාජ්‍ය සමාගම්, සංස්ථා සහ වානිජ මණ්ඩලවල සේවකයින්ට 2023 වසර සඳහා බෝනස් දීමනා හිමි නොවනු ඇත.