ඇමැති කෙහෙළිය අත්අඩංගුවට ගන්නවා…! – ඇමැති ටිරාන් අලස්..

December 22, 2023 at 2:59 pm | by emanisa.lk

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසුමේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.

“මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කථා කරන්නේ නෑ. ඒක එකක්. මේ සිද්ධිය සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරනවා. සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා.

නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.
ඒ වගේම සාක්‍ෂි ලැබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *