රබර් වෙනුවට තිරසර කටුපොල් වගාවට ඉඩදෙන්න..! – ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය..

December 22, 2023 at 2:17 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලයි.

ශ‍්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අභියෝග හේතුවෙන් බොහෝ ජනතාවට මූල්‍ය දුෂ්කරතා ඇති වී තිබෙන අතර මෙරට දරිද්‍රතා අනුපාතය 2022 දී 25% සිට 2023 දී 28% දක්වා ඉහළ ගොස් ඇති අතර විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල එය 32% දක්වා ඉහළ ගොස් ඇත.

කුඩා වතු හිමියන්ට තිරසාර කටුපොල් වගාව සඳහා ඉඩ සැලසීම තුළින් මෙම ගැටලූවලට විසඳුමක් සොයා ගත හැකි බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම විශ්වාස කරයි.

විශේෂයෙන් අයහපත් කාලගුණික තත්වයන් සහ විවිධ රෝග හේතුවෙන් සිය වගාවන් විනාශයට පත් වීම නිසා පීඩාවට පත් කුඩා රබර් වතු හිමියන්ට කටුපොල් වගා කිරීමට අවස්ථා ලබාදීමේ වැදගත්කම ඔහු විශේෂයෙන් අවධාරණය කරයි.

මෙම තහනම ඉවත් කර ගන්නා ලෙසත් කටුපොල් වගාවේ ඇති වටිනාකම පිළිගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සංගමය පෙන්වා දෙන්නේ කටුපොල් වගාවක සේවය කරන අයෙකු රු. ලක්ෂයකට වැඩි මාසික වැටුපක් ලබන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *