2023 ඔක්තෝබර් මාසයේ දී 1.0% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ 2.8 % ක් දක්වා වැඩි වී ඇත.
අද (21) ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඔක්තෝබර් මාසයේ දී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය නොවැම්බර් මාසයේ දී -2.2 % ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, ඔක්තෝබර් මාසයේ දී 6.3 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී 7.1 % ක් දක්වා වැඩි වී ඇත.