කිසිදු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.
පාඨලි චම්පික රණවක කඹුරුපිටියේ ඊයේ (17) පැවැති සිය පක්ෂයේ රැස්වීමක් අමතමින් මේ බව කීය.
මෙරට බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම නිවැරදිව සෙවීමට ආණ්ඩුව බයක් දක්වන බවත් පාඨලී චම්පික ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදි ආකාරයට වාර්තා නොවීම ගැටලුවක් වී ඇති බව කී පාඨලි චම්පික රණවක, වෛද්‍යවරයාගේ වැටුප වාර්තා වීම නිසා එයට බදු ගැසුව ද ධනපතියාගේ ආදායම වාර්තා නොවීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව ද සඳහන් කළේය.
ධනපතියාගේ ආදායම වාර්තා කරන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් අලුත් බදු අවශ්‍ය නොවන බවත් ජාවාරම්කාරයෝ තුන්හතර දෙනෙක් හොඳට හම්බ කරගෙන බදු නොගෙවන බවත් ඔහු කීය.
රුපියල් කෝටි 5ට වැඩියෙන් බදු ගෙවන පුද්ගලයන් 2500 ක් පමණ ද, එම ගොඩට හසුනොවූ පුද්ගලයන් 2500 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ගේ නියම ආදායම වාර්තා වන ක්‍රමයක් මාස පමණ කාලයකින් සකස් කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.