ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇතැයි ද දැන ගන්නට තිබේ.
බොහෝ දුරට දයාසිරි ජයසේකර ඉදිරි දේශපාලනය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග සිදු කිරීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.
මේ වන විට දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඔහුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය ද අත්හිටුවා තිබේ.