දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මේ දිනවල මධ්‍යස්ථ මට්ටමක පවතින බව වාර්තා වේ.
ඒ රට පුරා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය පසුබිමකය.
ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුව ද එළවළු මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම කනගාටුවට හේතුවත් බව ද එහි වෙළෙන්දෝ පවසති.
සිල්ලර වෙළෙන්දන්ගේ අලෙවිය පිළිබඳ තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි වීම ඊට හේතුව බව ඔවුහු අවධාරණය කරති.