ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස්ට ලබාදීමට සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එකඟ වීමත් සමග ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇතැයි දැන ගන්නට තිබේ.
ඒ අනුව නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා විසින් නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේග සන්ධානයට එක්වීමට කටයුතු කරනු ඇතැයිද සඳහන්ය.
ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයිද පැවසෙයි.