ලංවීම ඉංජිනේරුවෝ සූර්ය සහ සුළං විදුලියට කැමති නැත්තේ ඉරෙන් හඳෙන් කොමිස් ගන්න බැරි නිසා…! – ජනපති…

December 13, 2023 at 9:03 am | by emanisa.lk

හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බව ද සඳහන් කළේය.

දේශපාලනඥයින්ට දූෂිතයින් හොරුන් යැයි නින්දා කළ ද රාජ්‍ය නිලධාරීන් පිරිසක් දූෂණයට වංචාවට යොමු වී ඇති බව සියලු දෙනාදන්නා කාරණයක් බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *