පාළමෙන් බැරි වුණු වැඩේ විදුලියෙන් කරයි..! ශ්‍රී ලංකාව ඉන්දියාවට යා කරයි…!

December 12, 2023 at 3:06 pm | by emanisa.lk

යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපයුම ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පාර්ශ්වීය ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කරයි.

ඒ අනුව, එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ඉදිරිපත් කරන ලද ලංසු යෝජනා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව ඇගයුමට ලක්කර U-Solar Clean Energy Solutions (Pvt) Ltd. සමාගම වෙත ප්‍රදානය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *