විදුලිය බිඳ වැටීමේ සිදුවීමට විදුලිබල මණ්ඩලය ජනතාවට වන්දි ගෙවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
”මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයේ රබර් සීල් ඒකක්, ඒ්කට ගෙවන පඩි දිමනා වියදම් අපරාදේ. ජනතාවට නිරතුරු විදුලිය දෙන්න මණ්ඩලයේ මාසික ගාස්තුවක් ගන්නවා. ඒනිසා අනිවාරයෙන්ම ජනතාවට වන්දි ගෙවිම කළ යුතුයි.
මේ බිදවැටිමට විදුලි බල මණ්ඩලයේ සභාපති අතුළු නිළධාරින් වගකිම භාරගත යුතුයි. ජනතාව මතු බදු බර දාන්න පෙර රට බංකොළොත් කළ පිරිසගෙන් රාජ්‍ය ආදායම වැඩිකරගන්න අය කරගත යුතුයි.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලිය බිඳ වැටීමෙන් ආර්ථිකයට රු. කෝටි 600ක පාඩුවක් සිදුව ඇති බවයි.