කොටුවට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්…! පෞද්ගලික බස් නැවතුම් දුම්රිය ස්ථානයට..!

December 6, 2023 at 7:37 pm | by emanisa.lk

පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනක පිහිටි ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළ කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පවසයි.

දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනගන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත්වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බවත්, මගීන්ට මෙන් ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අතර, පිටකොටුව බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පසුගියදා (04) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *