සජිත්, කබීර් දේශබන්දුට එරෙහි වෙති..!

December 1, 2023 at 6:56 pm | by emanisa.lk

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්තෙන් අනුමැතිය හිමිව තිබේ.

අද (01) පාර්ලිමේන්තුවේදී පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී මෙම නාම යෝජනාව පිළිබද සාකච්ඡා කොට ඇති අතර එහිදී වැඩි ඡන්දයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ නම සම්මත විය.

එහිදී ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ නියෝජිතයන් තිදෙනා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනකු දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්දය දී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබිර් හෂීම් තවත් එක් සිවිල් සංවිධාන නියෝජිතයෙකු එම නාම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *