ඊයේ (27) උතුරේ මහවිරු සැමරුම් පැවැත් වීමට කටයුතු යොදා තිබිණි. එම අවස්ථාවලට කුඩා දරුවන් කොටි ඇඳුමින් සැරසී සහභාගී වීම ද දක්නට ලැබිණි.
කොටි සංවිධානය උතුර පාලනය කළ සමයේ පැවැත් වූ මෙම උත්සව කොටි පරාජයත් සමග තහනම් විය.
අනතුරුව යහපාලන ආණ්ඩුව සමයේ දක්නට ලැබුණු මහවිරු සැමරුම් දැන් නැවතත් දැකගත හැකිය.