සී.ඩී. පොලිස්පති ධූරයෙන් යන්න ම යයි…! වැඩ බලන්න දේශබන්දු…!

November 26, 2023 at 10:14 am | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ (25) සිය ධුරයට සමු දුන්නේය. ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.

සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා දී සී.ඩී. වික්‍රමරත්න දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *