රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත
පසුගිය නොවැම්බර් 5 වැනි දින මීමැස්සෝ නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් අදාල නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබේ.