ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි..! මන්ත්‍රීකමයි ඇමැතිකමයි රැකේ…!

October 31, 2023 at 2:23 pm | by emanisa.lk

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසීය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *