ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සභාව අමතමින් මෙරට වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි කරන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිරේ යායුතු යැයි පවසනවාත් සමඟම දැවැන්ත අකුණක් ගැසීම නිසා වේදිකාවේ මයික්‍රෆෝන පිලිස්සී ගොස් තිබේ.
ජාතික ජන බලවේගයේ හතරලියද්ද ප්‍රදේශයේ පසුගියදා (11) පැවැති මහජන හමුවක් අවස්ථාවක දී මෙය සිදුව තිබේ.
එහිදී ප්‍රධාන දේශනය කරමින් ටිල්වින් සිල්වා මෙරට ව්‍යවස්ථාව විග්‍රහ කරමින් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කිසිසේත් කල් දැමිය නොහැකි බවත් ජනාධිපති තනතුර දරන කාලය තුළදී ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදු වුවහොත් ජනාධිපති තනතුර අගමැතිවරයාට හිමි වන බවත් පැවැසීය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අකාලයේ මිය නොයන ලෙස ප්‍රාර්ථනා කරන බවත් ඔහු පරාජය විය යුතු බවත් පරාජය වන තෙක් ජීවත් විය යුතු බවත් ඒ වගේම හිරේ යා යුතු බවත් ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසනවාත් සමඟම සවස 5.05ට පමණ ප්‍රදේශයම භීතියට පත් කරවමින් විශාල අකුණක් පුපුරා ගොස් තිබේ.
වේදිකාවේ මයික්‍රෆෝන නැවත යථා තත්ත්වයට පත් කරනතුරු විනාඩි 10ක පමණ කාලයක් ටිල්වින් සිල්වාට බලා සිටීමට ද සිදු විය.