රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවට අද (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
නෞකාවලින් ඉවත් කරන දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා පරිසර ආරක්ෂක බලපත්‍රයක් අලුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ විසින් රුපියල් කෝටියක මුදලක අල්ලසක් ඉල්ලූ බව පවසමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.
ඒ අනුව රාජගිරියේ පිහිටි සුපිරි වෙළෙඳසැලක දී එම මුදල පෙරේදා (10) පස්වරුවේ ලබා ගැනීමට යාමේ දී දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල හා ඔහුගේ සමීපතමයෙක් වන ටෙනිසන් ෆොන්සේකා නැමැත්තෙක් බවය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වන සුපුන් එස්. පතිරගේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට අයත් කාර්යාලය තුළදීය.