ක්‍රිකට් පාලක මණ්ඩලය හරි වුවත් වැරදි වුවත් ජනමතය යන්න කියන්නේ නම් ඔවුන් යා යුතු යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
ජනමතයට ක්‍රිකට් පාලක මණ්ඩලය ඇහුම්කන් දිය යුතුයි ද පැවසූ ඔහු මෙම ප්‍රශ්නය දුරදිග අදින්නේ නැතිව එහි සියලු සාමාජිකයන් ඉවත් විය යුතුව ඇති බව ද කියා සිටියේය.
ක්‍රිකට් ආයතනය දේශපාලනයෙන් තොර විය යුතු යැයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවත් කී ඔහු කිසිදු දේශපාලනඥයකුට අතගැසීමට බැරි ලෙස ක්‍රිකට් ආයතනය නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බව ද පැවසීය.
අන්තර්ජාතික සංවිධාන අපට ඕනෑ ලෙස වැඩ කරන්නේ නැති බවත් ඔවුන්ගේ නීතිරීති රෙගුලාසිවලට අප අවනත විය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා කෑගැසුවා කියා ඒ අය අපට අවනත වෙන්නේ නැතැයි ද තව දුරටත් කියා සිටියේය.