ආණ්ඩුව අයවැය ප්‍රෝඩාවෙන් ජනතාව අන්දන්න හදනවා…!- විජේපාල හෙට්ටිආරච්චි…

November 7, 2023 at 10:05 am | by emanisa.lk

අයවැය ඉදිරිපත් කිරීමට ආසන්නයේ ගෑස්, තෙල් මිල සහ සීනි බදු මෙන් ම වැට් බදු ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේගයේ විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

අයවැය මගින් කළ යුතු මෙම සංශෝධන ඊට පෙර සිදුකරන්නේ කිසියම් සැලසුමක් අනුව බවයි, ඔහු සඳහන් කළේ.

අයවැයට පෙර මෙලෙස ජනතාව මත බර පටවා ඉන් අනතුරුව අයවැය ඉදිරපත් කර එය සහනදායී අයවැයක් යැයි ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ සැලසුම බව ද හෙතෙම කීය.

අයවැයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු ගන්නා බව ප්‍රකාශ කිරීම ප්‍රෝඩාවක් බව ද ජනාධිපතිවරයාට එරෙහිව ඔවුන් කිසිදු තීන්දුවක් නොගන්නා බව ද විජේපාල හෙට්ටිආරච්චි අවධාරණය කළේ, සජබ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *