ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය…! ආණ්ඩුවේ ප්‍රබලතම පාර්ශ්වයෙන් යෝජනාවක්..!

November 1, 2023 at 10:53 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද දැන ගන්නට තිබේ.

මහා මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට හැකි බව ද එම ජනමතයට අනුව ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

ඉදිරි අයවැය පිළිබඳව ද පක්ෂයක් ලෙස සිතා බලා කටයුතු කළ යුතු යැයි ද අයවැයෙන් ජනතාවට සහනයක් නොලැබෙනවා නම් ඒ පිළිබඳ පක්ෂය තීරණයක් ගත යුතු යැයි ද වැඩි දුරටත් සාකච්ඡා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *