සියලු ඉන්ධන මිල ඉහළට…! ඔක්ටේන් 92 පහළට…!

November 1, 2023 at 6:40 am | by emanisa.lk

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී තීරණය කළේය.

එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර ඇත. මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා පහළ යනු ඇත.

මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමෙන් එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසය.

ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති හෙයින් එහි නව මිල රුපියල් 431 ක් බව සංස්ථාව පවසයි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා එහි ඇති හෙයින් එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 249 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *