ජාතික ජන බලවේග රජයක් යටතේ ශ්රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳන ආකාරය එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවති ජන රැළියේ දී උදාහරණ සහිතව පැහැදිලි කළේය.
ඔහු උදාහරණයකට ගත්තේ මිනිරන්වලින් ග්රැපයිට් සෑදිය හැකි බවත් එය වෙළඳපොළේ ඉතා ඉහළ මිලකට අලෙවි වන බවත්ය.
මිනිරන් ටොන් එකක් ඩොලර් දෙදහසක් වෙද්දී ග්රැපයිට් (graphite) කිලෝවක් ඩොලර් පන්දහසක මිලට අලෙවි වන බවත් ඔහු එහි දී සඳහන් කළේය.
ඒ අනුව මෙරටට මිනිරන්වලින් ග්රැපයිට් නිෂ්පාදනය කළ හැකි ආයෝජකයන් මෙරටට කැඳවා එම කාර්යය මෙරට සිදුකල හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් අනුර දිසානායකගේ එම ප්රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවල අදහස් දක්වමින් ඇතැමුන් පවසන්නේ සිංහල භාෂාවෙන් මිනිරන් යනු ඉංග්රීසියෙන් ග්රැපයිට් බවයි.
සිංහලෙන් මිනිරන් ටොන් එකක් ඩොලර් දෙදහසක් වෙද්දී ඉංග්රීසියෙන් ග්රැපයිට් කිලෝවක් ඩොලර් 5000ක් විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙති.