උද්ධමන අනුපාතිකය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ මිනුම් දණ්ඩක් ලෙස යොදාගැනීම වැරදි සහගත බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසයි.
වර්තමානයේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උද්ධමන අනුපාතිකයෙන් රටේ ජනතාවගේ පාරිභෝජන රටාව නිසි පරිදි පිළිබිඹු නොවන බවයි, ඔහු සඳහන් කළේ.
උද්ධමනය ගණනය කිරීම සඳහා යොදාගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දත්ත පිළිබඳ ගැටලුවක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි. තවමත් උද්ධමනය ගණනය කරන්නේ 2019 වසරේ දත්ත අනුව වන අතර වසර තුනකට වරක් කළ යුතු නියැදි සමීක්ෂණය 2022 වසරේ සිදු කොට නැත.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා පහළ බැස ඇති අතර එය අගෝස්තුවල පැවැතියේ 2.1% මට්ටමේය.