සීනිගම කපුවන්ට යකා වැහේ..! පඬුරු ඉල්ලා මකර තොරණ උඩ විරෝධයේ..!

October 27, 2023 at 4:08 pm | by emanisa.lk

සීනිගම දේවාලයේ පඬුරු තමන්ට නොදෙන බවට චෝදනා කරමින් කපු මහතුන් විරෝධතාවක් පවත්වා තිබේ. එහි දී කපු මහතුන් දේවාලයේ මකර තොරණ මත නැග විරෝධතාවෙහි නිරත වූහ.

ඔවුන් පෙන්වා දෙන්නේ බැතිමතුන් පූජා වට්ටිය සමග කපු මහතා සතුටු කිරීමට ලබා දෙන පඬුරු පාලනාධිකාරිය විසින් ලබා ගන්නා බවයි.

මේ නිසා කපු මහතුන්ගේ සිත් බිඳෙන බවත් අදාළ මුදල බැතිමතුන්ට ද කපු මහතාට ද නොමැතිව වෙනත් පාර්ශ්වයක් වෙත ලැබෙන බවත් ඔවුහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *